රට වසා ඔමික්‍රෝන්ගෙන් බේරෙන්න බැහැ - සෞඛ්‍ය ලේකම් කියයි
Thursday, 02 December 2021 - 15:51 | Views - 9,164
ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වෛරසයේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන ඔමික්‍රෝන් වෛරසයෙන් ගැලවීම සඳහා රට වසා දැමීම පිළියමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. මුණසිංහ ප්‍රකාශ කරනවා.
සෞඛ්‍යය ලේකම්වරයා මේ අදහස් දැක්වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ මෙම වෛරසයේ බරපතල භාවය අවබෝධ කරගෙන පොදු ජනතාව වඩාත් වැඩි වගකීමකින් හැසිරිය යුතු බවයි.
විශේෂයෙන්ම එළඹෙන උත්සව සමයේදී මේ තත්ත්වය හොඳින් සිහි තබාගෙන කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.
Share This Article