බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී ධනංජය ද සිල්වා සිය ශතකය ලබා ගත්තා.
ඒ පන්දු 187කට මුහුණදෙමින්.
මෙම ශතකය රැස් කර ගැනීම සඳහා ඔහු විසින් කොදෙව්වන්ට එරෙහිව හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සිය ලකුණු තුළට එක් කරගත්තා.
ධනංජය සිල්වා අද (02) දිනයේ දී ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙහි 08 වැනි ශතකයයි.