මෙරට ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා
Thursday, 02 December 2021 - 15:02 | Views - 1,589
මෙරට ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ කටාර්හි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම් මොහොමඩ් හසන් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතරයි.
කොරෝනා වසංගතයත් සමග අඩපණ වූ ක්ෂේත්රයන් යළිත් ආරම්භ කිරිම සඳහා මෙරට ශ්‍රමිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බවයි එහිදී කටාර්හි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article