ඔමික්‍රෝන් පැමිණීම වැලැක්වීමට වෛද්‍ය සංගමයෙන් වැඩපිළිවෙළක් (Video)
Thursday, 02 December 2021 - 14:49 | Views - 960
ඔමික්‍රොන් ප්‍රභේදය දිවයිනට පැමිණීම වැලැක්වීමට නම් ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයින් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කළා.

මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 182,400 ක් අද මෙරටට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මෙරටට පැමිණීමට පැය 72කට පෙර සිදු කරන කොරෝනා පරීක්ෂණයට අමතර ව දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපොළේ ද කොරෝනා පරීක්ෂනයක් සිදු කළ යුතු බවයි.

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ 82,400ක් අද මෙරටට රැගෙන එනු ලැබුවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මේවා දිවයිනට රැගෙනවිත් ඇති අතර, අදාළ එන්නත් තොගය ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණවල තැන්පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර, නාවුල පොලීසියේ නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව නාවුල ප්‍රදේශයෙන් මේ වනවිට වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19ක්.

එමෙන්ම, තාලෙයිමන්නාරම ප්‍රදේශයේ පාසලක සිසුන් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top