ඔමික්‍රෝන් පැමිණීම වැලැක්වීමට වෛද්‍ය සංගමයෙන් වැඩපිළිවෙළක් (Video)
Thursday, 02 December 2021 - 14:49 | Views - 961

ඔමික්‍රොන් ප්‍රභේදය දිවයිනට පැමිණීම වැලැක්වීමට නම් ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයින් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කළා.
මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 182,400 ක් අද මෙරටට රැගෙන එනු ලැබුවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මෙරටට පැමිණීමට පැය 72කට පෙර සිදු කරන කොරෝනා පරීක්ෂණයට අමතර ව දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපොළේ ද කොරෝනා පරීක්ෂනයක් සිදු කළ යුතු බවයි.
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ 82,400ක් අද මෙරටට රැගෙන එනු ලැබුවා.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මේවා දිවයිනට රැගෙනවිත් ඇති අතර, අදාළ එන්නත් තොගය ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණවල තැන්පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.
මේ අතර, නාවුල පොලීසියේ නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව නාවුල ප්‍රදේශයෙන් මේ වනවිට වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19ක්.
එමෙන්ම, තාලෙයිමන්නාරම ප්‍රදේශයේ පාසලක සිසුන් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
Share This Article