අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් - සිසුන් තිදෙනෙක් මරුට
Thursday, 02 December 2021 - 11:45 | Views - 744
අමෙරිකාවේ මිචිගන් ප්රාන්තයේ පාසලක පෙරේදා(30) සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනකු මියගොස් ඇති බවට වාර්තා වී තිබෙනවා. පසළොස් හැවිරිදි සිසුවකු ස්වයංකී්රය තුවක්කුවක් ගෙනැවිත් සිසුන්ට වෙඩි තබා ඇති බවටයි සඳහන් වන්නේ. මෙම වෙඩි තැබීමෙන් ගුරුවරු අට දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ වයස 18 සිසුවකු සහ සිසුවියන් 2 කු බවටයි අනාවරණය වන්නේ. කෙසේ වෙතත් මේ වන විට වෙඩි තැබීම සිදු කළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article