මාතලේ - අඹගහමුල ප්රධාන බස් නැවතුම්පොළේ දී නාට්ටාමිවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් 37 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් අතරතුර මුගුරකින් පහර දී ඊයේ රාත්රියේ මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ - විහාර පාර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මිය ගිය පුද්ගලයා මාතලේ - සුදුගඟවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.