ගෑස් නැවේදී ම පරීක්ෂාව අද සිට - ඇමති ලසන්ත
Thursday, 02 December 2021 - 8:28 | Views - 1,085
මෙරටට ගෙන්වන ගෑස් වරායට ඇතුළු කර ගැනීමට පෙර නෞකා තුළට ම ගොස් අදාළ ආයතන මගින් ඒවායේ ප්‍රමිතිය, තත්ත්වය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එමෙන්ම ගෑස් සමාගම්වල සිට වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ගෑස් සහ සිලින්ඩර පරීක්ෂා කිරීමේ කටයුතුද අද සිට ආරම්භ කරන බවයි.

එහිදී පූර්ව ආරක්ෂක උපාය මාර්ගයක් ලෙස ගෑස්වලට ගන්ධය ලබා ගැනීම සඳහා එක් කෙරෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද පරීක්ෂණ කටයුතු සිදුකරන බව ඔහු කියා සිටියා.

මේ අතර, ඊයේත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වී තිබුණා.

නිට්ටඹුව - තිහාරිය, තලවාකැලේ සහ දිඹුල යන ප්‍රදේශවලින් මෙැවනි අනතුරු වාර්තා වූ අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව තිබුණේ නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ, මෙතෙක් සිදු ව ඇති අනතුරුවල දී ගෑස් සිලින්ඩර පිපිරීයාම් කිසිවක් වාර්තා වී නොමැති බවයි.

ගෑස් නලය, රෙගියුලේටරය හෝ ගෑස් උඳුන් පිපිරී යාමෙන් එම අනතුරු සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top