දරුවන්ගේ මානසික සෞඛ්‍යයට අවධානය දෙන්න
Thursday, 02 December 2021 - 7:59 | Views - 2,121

කොරෝනා සමයේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැකගැනීමට අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 564,733 ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 9578ක්.
එමෙන්ම මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,372ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් කොරෝනා මරණ 26ක් වාර්තා වීමත් සමඟයි.
දිනෙන් දින කොරෝනා ආසාදිතයින් වැඩි වීම හේතුවෙන් උත්සව සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කරනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, රට වසා දැමීමට මෙතෙක් කිසිදු සැලසුමක් නොමැති බවයි.
මේ අතර කොරෝනා තත්ත්වය හමුවේ බොහෝ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු සහගත තත්ත්වයකට පත්වීමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
කොළඹ වෛද්‍ය පීඨයේ සායනික මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංජලී ද සොයිසා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දරුවන්ගේ මානසික සුවය සඳහා දෙමව්පියන් වෙනස් විය යුතු බවයි.
Share This Article