කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පහර දෙයි
Thursday, 02 December 2021 - 7:42 | Views - 486
මාතර - කඹුරුපිටිය - කටුකොටුවිල - බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් මත පොලිස් නිලධාරියෙකු, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් විසින් කාන්තාවකට සහ ඇගේ දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වුණා.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පහරදීමෙන් ඇයගේ හිසට සහ ඇස්වලට බලපෑම් සිදුව ඇති බැවින් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අද මාතර මහ රෝහල වෙත යොමු කිරීමට නියමිත බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාතර - කඹුරුපිටිය - කටුකොටුවිල - බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් සහ ඇගේ 14 හැවිරිදි වැඩිමහල් පුත්‍රයායි.

අදාළ කාන්තාව විසින් නිරවුල් නො වූ ඉඩමක වැසිකිළි වළක් කැපීමට යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමත් සමඟ මෙම පහරදීම සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඹුරුපිටිය පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

එහෙත්, පහර කෑමට ලක් වූ කාන්තාවගේ ඥාතීන් චෝදනා කළේ, පැමිණිලි කිරීම සඳහා කඹුරුපිටිය පොලිසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු නො කළ බවට යි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top