මාරක රිය අනතුරුවලට 42%ක් යතුරුපැදි වගකිව යුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
12%ක් ලොරි සහ ටිපර් රථ ඊට ඇතුළත්.
දිනකදී රිය අනතුරු හේතුවෙන් මෙරට මියයන පුද්ගලයින්ගෙන් 40%ක් යතුරුපැදිකරුවන් වන අතර, 30%ක් පදිකයන් සහ 9%ක් පාපැදිකරුවන්.
එසේම, මෙරට අනතුරුවලින් 47%ක්, පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ සිදු වනවා.
මෙම කරුණු අනාවරණ වුණේ, මාර්ග අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමී ව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඊයේ පැවති උත්සවයකදීයි.
එහිදී අදහස් දැක් වූ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ, හඳුනා නො ගත් රිය අනතුරුවලින් මියයන පුද්ගලයින්ගේ යැපෙන්නන්ට සහ තුවාල ලබන වින්දිතයන්ට ගෙවන වන්දි මුදල වැඩි කරන බවයි.