මහින්ද සමරසිංහ වෙනුවට මන්ත්‍රී මංජු ලලිත් මැතිසබයට
Tuesday, 30 November 2021 - 16:15 | Views - 756
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඩබ්ලිව්.එච්. ලලිත් වර්ණ කුමාර පත්කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.ඒ අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (30) දිනයේ නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මනාප 46,642ක් ලබාගත් ලලිත් වර්ණකුමාර මහින්ද සමරසිංහට පසුව කළුතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ රැඳී සිටියා.
Share This Article