අගමැති පුත් රෝහිත LPL පිටියට (Photos)
Tuesday, 30 November 2021 - 14:56 | Views - 735
2021 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.ජාත්‍යනතර විස්සයි විස්ස පිටියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරගාවලියට එක්වීමට අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන් මෙවර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.මේ අතර තරගාවලියට අදාලව පෙර පුහුණුවීම් මේ වනවිටත් කණ්ඩායම් විසින් ආරම්භ කර තිබෙනවා.මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වන දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පෙර පුහුණුවීම් වලට අදාලව පුහුණු තරගයකට එක් වුණා.මෙම තරගයට සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල එක්ව සිටියා.මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ ද දඹුල්ල කණ්ඩායම එක්වූ පෙර පුහුණු තරගයට එක්ව සිටීම ද විශේෂත්වයක්.
Share This Article