යතුරුපැදි සොරා ගෙන එම යතුරුපැදියෙන් ගොස් තවත් සොරකමක (Video)
Tuesday, 30 November 2021 - 12:30 | Views - 16,349
අලුත්ගම, පානදුර, මොරටුව, එගොඩඋයන, යන පොලිස් බල ප්රදේශවල යතුරු පැදි සොරකම් කර, එම යතුරුපැදි උපයෝගී කරගෙන රන් භාණ්ඩ සොරා ගැනීමේ යෙදී සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සොරුන් සීසීටීවී දර්ශන මගින් පෙර අනාවරණය කරගෙන තිබුණා.සැකකරු, සොරා ගත් යතුරු පැදියකින් ගමන් කරන අතරතුර පානදුර පින්වත්ත ප්රදේශයේදියි ඊයේ(29)දින අත්අඩංගුවට ගෙන ඇත්තේ.ප්රශ්න කිරීම්වල දී සොරාගන්නා ලද රන් භාණ්ඩ කිහිපයක් සහ යතුරුපැදි තුනක් පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වන බව පොලිසිය පවසනවා.අත් අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර පින්වත්ත ප්රදේශයේ පදිංචි අවුරුදු 28ක තරුණයෙක්.සැකකරු මොරටුව මහේස්ත්රාත් අධිකරණයට අද(30)දින ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article