අදත් තැන තැන පිපුරුම් (Video)
Tuesday, 30 November 2021 - 11:59 | Views - 1,042

ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසනවා. වෙළඳසැල අයිතිකරුගේම නිවසේ මෙම පිපිරීම සිදු වී තිබෙනවා. 

මෙහිදී ජීවිත හානි කිසිවක් සිදු නොවී ඇති අතර මහ හඬින් ඇසුණු පිපුරුම් ශබ්දයෙන් පසු වෙළදඳසැල් හිමියා ඉක්මනින් මුලුතැන්ගෙට ගොස් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටය අසලින් ගෑස් පිටතට යාම නවත්වා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඇඹිලිපිටිය පොලිසිය සිදුකරනු ලබනවා.

එසේම ගෑස්වල අඩංගු සංයුතිය පිළිබඳ නියාමනය කිරීම සඳහා මේ දක්වා ආයතනයක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

මේ අතර, අදත්, ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

මාතර - නාවිමන, මීගොඩ - පානලුව, මීරිගම, මොරටුව - රාවතාවත්ත, කැකිරාව ආදි ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් මෙලෙස වාර්තා වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෑස්වල සංයුතිය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වාර්තා හෙළිකළ යුතු බවයි ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ. 

  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top