මියන්මාරයෙන් සහල් ආනයනය කෙරෙයි
Tuesday, 30 November 2021 - 10:26 | Views - 853
හිඟයකින් තොර ව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමට හා ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යෑමට හැකි වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 100,000ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.රජයකින් රජයකට යන පදනම යටතේ, ශ්‍රී ලංකා රජය සහ මියන්මාරය රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත යි මෙම සහල් තොග ආනයනයට පියවර ගෙන ඇත්තේ.සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 460ක් බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීම පිණිස මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
Share This Article