විදුලි ඉංජිනේරුවන් පස්වන දිනටත් අකුරට වැඩ
Monday, 29 November 2021 - 14:19 | Views - 661
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය අද 5වන දිනටත් ක්රියාත්මකයි.
ඒ හේතුවෙන් ඉදිරියේදී සිදුවන විදුලි බිඳ වැටීම් යථා තත්වයට පත් කළ නො හැකි වන තත්වයක් රට තුළ උද්ගත විය හැකි බව
එම සංගමය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් විසඳුමක් නොලැබේ නම් ඉදිරියේදී තවත් දැඩි ක්රියාමාර්ග වලට යාමට පසු නොබසින බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article