අදත් වැසි (Video)
Monday, 29 November 2021 - 14:08 | Views - 1,058
දකුණු පළාතට සහ කළුතර දිස්ත්‍රික්කයට අද තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සෙසු ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පසු වැසි අපේක්ෂා කරන අතර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වාන් දොරටු විවෘත කර තිබූ ජලාශ 26 ක වාන් දොරටු ක්‍රමානුකූලව වසා දමමින් සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගංවතුර අවදානමක් පැවති දැදුරුඔයේ ද ජල මට්ටම පහත බසිමින් තිබෙන අතර, ඒ හේතුවෙන් එහි වාන් දොරටුද මේ වනවිට වසා දමමින් සිටින බවයි වාර්තා වන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පැවති අධික වර්ෂාවත් සමඟ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 2,000ක් පමණ ජලයෙන් යට වී පවතින බවයි.

ඊට අමතරව ජලාශ සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඉදිරි පැය 48 තුළත් අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන සඳහන් කළා.

එසේම පැවති අධික වර්ෂාව නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේ 35 කණුව අසල ප්‍රදේශය ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් සෝමාවතිය රජමහා විහාරයට පැමිණෙන බැතිමතුන්ට වැලිකන්ද - සිංහපුර - කාන්දකාඩු මාර්ගය හරහා විහාරස්ථානයට පිවිසීමට හැකියාව පවතිනවා.

මේ අතර දිස්ත්‍රික්ක 8 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ප්‍රකාශ කළා. 




 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top