හැටන් මලියප්පුව ප්රදේශයේ පිහිටි ආපණ ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් අද (29) පෙරවරුවේ පිපිරීමක් සිදු වී තිබෙනවා.
කලක සිට තමන් මෙම ආපණ ශාලාව පවත්වාගෙන ගිය අතර, උදෑසන ආහාර පිසිමින් සිටිය දී අදාළ පිපිරීම සි දු වූ බවයි ආපණ ශාල හිමිකරු පැවසුවේ.
අදාළ සිද්ධියට හේතු වී ඇත්තේ, ගෑස් ටැංකිය සහ ගෑස් ලිප අතර ඇති නළය පුපුරා යෑමයි.
මෙම ගින්නෙන් වෙළෙඳසැලට හානි සිදුව ඇති අතර, පිසිමින් සිටි ආහාර ද විනාශ වී තිබෙනවා.