හොරෙන් විදුලිය ගත් මහරගම නගරාධිපති
Monday, 29 November 2021 - 10:46 | Views - 367
ඉකුත්දා හොරෙන් විදුලිය ලබාගත් මහරගම නගරාධිපති වරයා , අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී, පොලිසියට සහ විදුලිබල මණ්ඩල නිලධාරීන් ට මරණ තර්ජනය කොට දින හතක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා ඔහු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව මහරගම නගර සභාව ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

නගරාධිපති වරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුගේ පියා ඉදිරිපත් කොට නගරාධිපති වරයා වරයා බේරී ඇති බවත් එහිදී නගරාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට මරණ තර්ජනය කිරීම බරපතළ වරදක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පොලිස් භාර ඇමතිවරයා වහා මැදිහත් වී නගරාධිපති වරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නගර සභාව ඉදිරිපිට විරෝධතාව පැවැත්වුණි.

මහරගම නගර සභාව ස්වාධීන නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙය සංවිධානය කර තිබේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top