හොරෙන් විදුලිය ගත් මහරගම නගරාධිපති
Monday, 29 November 2021 - 10:46 | Views - 368
ඉකුත්දා හොරෙන් විදුලිය ලබාගත් මහරගම නගරාධිපති වරයා , අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී, පොලිසියට සහ විදුලිබල මණ්ඩල නිලධාරීන් ට මරණ තර්ජනය කොට දින හතක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා ඔහු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව මහරගම නගර සභාව ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
නගරාධිපති වරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුගේ පියා ඉදිරිපත් කොට නගරාධිපති වරයා වරයා බේරී ඇති බවත් එහිදී නගරාධිපතිවරයා රාජ්ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට මරණ තර්ජනය කිරීම බරපතළ වරදක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස් භාර ඇමතිවරයා වහා මැදිහත් වී නගරාධිපති වරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් නගර සභාව ඉදිරිපිට විරෝධතාව පැවැත්වුණි.
මහරගම නගර සභාව ස්වාධීන නාගරික මන්ත්රී රුවන් සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙය සංවිධානය කර තිබේ.
Share This Article