මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමට වැය කරන මුදල් පිළිබඳ ගැටලුවක් පවතින බව පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
කොවිඩ් නිසා අර්බුධයකට ලක් වී ඇති තම කර්මාන්තය අමුද්‍රව්‍ය හිඟය නිසා තවදුරටත් අභියෝගයකට ලක් වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
අමුද්‍රවය ආනයනය කර, රටට අවශ්‍ය පාවහන් සියයට අනූ පහක් ම මෙරටදී ම සාදා ගැනීමට හැකියාව තිබිය දී දේශීය නිෂ්පාදකයින්ට නිසි අනුග්‍රහයක් නො දෙන බව එම සංගමය සඳහන් කරනවා.
නිලධාරින් තම ගජමිතුරන්ට බාල නිමි භාණ්ඩ ගෙන්වීමට අවස්ථාව ලබා දෙනවා දැ යි යන සැකයක් ද පවතින බවයි ඔවුන් සඳහන් කළේ.
සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට සම්බාධක පැන්වීමෙන්, නිෂ්පාදන ක්‍රියාවලිය නැවතී රැකියා අහිමි විය හැකි බවත් ඊට අමතර ව මූල්‍ය ආයතන හා බැංකු පද්ධතිය අවධානමට ලක් විය හැකි බවත් ඔවුන් අවධාරණය කරනවා.
එම නිසා රජයේ මැදිහත් වීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා කරගැනීම සඳහා අමුද්‍රවය ගෙන ඒම පිළිබඳ නිසි යාන්ත්‍රණයක් සකසන ලෙසයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ.