සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගෙන් විශේෂ ඉල්ලීමක්
Monday, 29 November 2021 - 10:27 | Views - 559
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමට වැය කරන මුදල් පිළිබඳ ගැටලුවක් පවතින බව පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

කොවිඩ් නිසා අර්බුධයකට ලක් වී ඇති තම කර්මාන්තය අමුද්‍රව්‍ය හිඟය නිසා තවදුරටත් අභියෝගයකට ලක් වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අමුද්‍රවය ආනයනය කර, රටට අවශ්‍ය පාවහන් සියයට අනූ පහක් ම මෙරටදී ම සාදා ගැනීමට හැකියාව තිබිය දී දේශීය නිෂ්පාදකයින්ට නිසි අනුග්‍රහයක් නො දෙන බව එම සංගමය සඳහන් කරනවා.

නිලධාරින් තම ගජමිතුරන්ට බාල නිමි භාණ්ඩ ගෙන්වීමට අවස්ථාව ලබා දෙනවා දැ යි යන සැකයක් ද පවතින බවයි ඔවුන් සඳහන් කළේ.

සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට සම්බාධක පැන්වීමෙන්, නිෂ්පාදන ක්‍රියාවලිය නැවතී රැකියා අහිමි විය හැකි බවත් ඊට අමතර ව මූල්‍ය ආයතන හා බැංකු පද්ධතිය අවධානමට ලක් විය හැකි බවත් ඔවුන් අවධාරණය කරනවා.

එම නිසා රජයේ මැදිහත් වීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා කරගැනීම සඳහා අමුද්‍රවය ගෙන ඒම පිළිබඳ නිසි යාන්ත්‍රණයක් සකසන ලෙසයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top