ලෝකයක් බය කළ ඔමික්‍රොන් ලංකාවට ඇවිත් ද ? හෙළිදරව්ව මෙන්න
Monday, 29 November 2021 - 10:08 | Views - 1,153
සිඩ්නි නුවරට ආ ආසාදිතයින් දෙදෙනාට සිදු වූ දේ...!!
 
ගතවූ දින 14 තුළ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලින් කිසිදු සංචාරකයෙකු දිවයිනට පැමිණ නොමැති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
 
සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන මගින් අදාළ රටවල සිට සංචාරකයින් පැමිණ නොමැති බව තහවුරු වන බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ.

සංචාරකයන් හැර, වෙනත් පුද්ගලයින් එම කාලය තුළ දිවයිනට පැමිණ ඇත්දැයි සොයා බලා සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද එහි සඳහන්.
 
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් අදාළ රටවල පසුගිය දින 14 තුළ සංචාරය කළ මගීන්ට දිවයිනට පැමිණීම අද රාත්‍රියේ සිට තහනම් කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය මීට පෙර දැනුම් දුන්නා.
 
මේ අතර, ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් හා රේගු නිලධාරීන් හරහා නව ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.
 
අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 532 නෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.
 
ඒ අනුව මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 562,310 ක් ලෙසයි දැක්වෙන්නේ.
 
ඊයේ සිදු වූ බවට සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළ නව මරණ 27 ක් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 14,305 ක් දක්වා ඉහළ ගියා.
 
මේ අතර දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුනු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වී ඇති අතර, ඔවුන් දකුණු අප්‍රිකාවේ සිට දෝහා හරහා ඕස්ට්‍රේලියාවේට පැමිණි අය බව සඳහන්.
 
ඔවුන් දෙදෙනාම පූර්ණ එන්නනත්කරණයට ලක්වූවන් වනවා.
 
සංචාරක තහනම ඇතුලු දැඩි සීමාවන් සහ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් ඉවත් කොට චීනය නැවතත් මුළුමනින්ම විවෘත කළහොත් දෛනිකව කොරෝනා ආසාදිතයන් හයලක්ෂ 30,000ක් වාර්තාවිය හැකි බවට බීජිං සරසවිය සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
 
වඩාත් කාර්යක්ෂම එන්නත්කරණයක් හෝ විශේෂිත ප්‍රතිකාර ක්‍රමවේදයකින් තොරව චීනයේ සංචාරක තහංචි ඉවත් කිරීම සිදුනොකළ යුතු බවයි එම අධ්‍යයනය සිදුකළ ගණිතඥයන් පෙන්වාදී ඇත්තේ. 

 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top