වැඩ ඇරඹු නව විභාග කොමසාරිස් ජනරාල්
Monday, 29 November 2021 - 8:42 | Views - 975
නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත්වීම් ලද එල්.එම්.ඩී. ධර්මසේන අද සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
ඒ, පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් පැළවත්ත විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි කාර්යාලයේදීයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එල්.එම්.ඩී. ධර්මසේන, කොළඹ ආනන්ද සහ මහානාම විද්‍යාලවල විදුහල්පතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
Share This Article