ජා ඇලින් සහ අහංගමිනුත් ගෑස් ආශ්‍රිත තවත් සිදුවීම් දෙකක්
Monday, 29 November 2021 - 7:44 | Views - 1,891
ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ගිනි ගැනීම් වාර්තා වූ ස්ථාන වෙත එම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අහංගම ප්‍රදේශයේ හෝටලයක ඊයේ පස්වරුවේ ගෑස් සිලින්ඩරයකට රෙගියුලේටරය සවි කිරීමට යාමේදී විශාල ශබ්දයක් ඇසීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

ඒ පිළිබදව අහංගම පොලිසියට ද තොරතුරු වාර්තා වී ඇති බවයි අප කළ විමසීමකදී සදහන් කළේ.

කෙසේ වෙතත්, කිසිදු ගිනි ගැනීමක් එම ස්ථානයේ සිදුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම, ජාඇල - තුඩැල්ල ප්‍රදේශයේ නිවසකින් ද ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමගින් ගෑස් ලිප පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වුණා.  

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් දෙකක් ඊයේ දිනයේම කෑගල්ල සහ පුත්තලම - ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් ද වාර්තා වූ අතර, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගෑස් ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම ද අලුතින් මිල දී ගත් සිලින්ඩරයකට රෙගියුලේරටය සවි කර ලිප දැල්වීමට යාමේදී ඇති වූවක් බව සඳහන්.

එමෙන්ම, ගත වූ දින කිහිපය තුල ගෑස් කාන්දු ආශ්‍රිතව ඇති වු ගිනි ගැනීම් සිද්ධීන් රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය, කොළඹ තුරඟ තරඟ පිටිය අසල අවන්හලකින් සහ නිකවැරටිය ප්‍රදේශවලින් ද වාර්තා වී තිබුණා.

එම තත්ත්වය හමුවේ සිලින්ඩරවල අන්තර්ගත සංයුතිය සම්බන්ධයෙන් සමාජය තුළ වැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජනතාව තුළ පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තේ කොළඹ ඇතුළු දිස්ත්‍රික් 7කින් සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි.

එහි වාර්තා අද තමන් වෙත ලැබෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ.

මේ අතර, ගෑස් අනතුරුවලින් ජනතාව බේරාදෙන ලෙස ඉල්ලා ඊයේ සීනිගම දේවාලයේ දේව කන්නලව්වක් පැවැත්වුණා.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ගෑස් ටැංකියක් ද රැගෙන සීනිගම දේවාලයට ගොස් පඬුරක් ගැට ගසා දේව කන්නලව්වක් පැවැත්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සිලින්ඩරවල පවතින ගෑස් සංයුතිය වෙනස්වීම හේතුවෙන් ගිනිගැනීම් සිදුවන බවට පැහැදිළි කිරීම සඳහා මහජනයා සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් පසුගිය දා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද නිකුත් කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top