මධ්‍යම , සබරගමුව , බස්නාහිර , වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර 100 ඉක්ම වූ අකුණු සහිත තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අකුණු වලින් ඇති වන අනතුරු අවම කර ගැනීමට කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි.
එසේම නායයාම් ප්‍රදේශ ආශිතව සිටින ජනතාවද කල්පනාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.