කොරෝනා අවදානම හේතුවෙන් අවලංගු වූ කාන්තා ක්‍රිකට් තරගය
Saturday, 27 November 2021 - 15:51 | Views - 542
දකුණු අප්‍රිකානු කලාපයේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කර තිබෙනවා.

එම තරගය අද හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතව තිබු අතර, එය අවලංගු කිරීමෙන් පසු තරගාවලිය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වුණා.

කෙසේ නමුත්, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරගය මෙන්ම, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගය අද නියමිත පරිදි පවත්වා තිබෙනවා.

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සියල්ල තවදුරටත් සිම්බාබ්වේ රාජ්‍යයේ රැදී සිටින අතර, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඒ පිලිබඳ අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top