ප්‍රදේශ රැසක තිරිඟු පිටි හිඟයක් - එළවළු මිල බසී
Saturday, 27 November 2021 - 13:56 | Views - 1,068

දිවයිනේ ප්‍රදේශ රැසක තිරිඟු පිටි හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
පවතින තත්වය හමුවේ අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළ නංවන බවයි පිටකොටුව තොග වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.
මේ වන විට වෙළඳසැල් වල තිරිඟු පිටි නොමැති තත්වයක් පවතින බව බේකරි හිමියන්, ආපන ශාලා හිමියන් මෙන්ම පාරිභෝගික ජනතාවද පෙන්වා දුන්නා.
තිරිඟු පිටි හිඟය සම්බන්ධයෙන් පිටකොටුවේ තොග වෙළඳුන් කිහිපදෙනෙකු අදහස් පළ කළ අතර, ඔවුන් පැවසුවේ තිරිඟු පිටි මිල රුපියල් 17 කින් ඉහළ නැංවීමට පියවර ගත් බවයි.
එමෙන්ම ගෘහස්ථ ගෑස් හේතුවෙන් සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ආපනශාලා හිමියන්ගේ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර දින ගණනාවකින් පසු වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අද දිනයේදී පහත වැටී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ ඉහළ මිලක පැවති කන්ද උඩරට මෙන්ම පහත රට ප්‍රදේශවලින් ලැබෙන එළවලු ද කිලෝ එකක මිල රුපියල් 100 ත් 150 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව රුපියල් 450 ත් 500 ත් අතර ඉහළ අගයක පැවති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීක්ස්, බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල අද උදෑසන වනවිට රුපියල් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබුණා.
මේ අතර ඩීසල් සහ පෙට්‍රල් ඇතුලු ඉන්ධන වල ප්‍රමිතිය වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස ඉල්ලමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Share This Article