ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගකීම භාර ගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා.
එහි සභාපති රංජිත් විතානගේ මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ අලෙවියට තබා තිබූ ගෑස් සිලින්ඩරයක් ඊයේ දිනයේ රසායනාගාර වෙත යොමු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර හේතුවෙන් සිදු වූ අනතුරු මේ මාසය තුළ රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය සහ කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලකින් වාර්තා වුණා.
මේ අතර වැලිකන්ද ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවකින් ඇතිවූ ගිනිගැනීමකින් 19 හැවිරිදි විවාහක කාන්තාවක ජිවිතක්ෂයට පත් ව ඇති බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළා.
මියයාමට පෙර ඇය පොලීසියට ලබා දුන් ප්‍රකාශයක සඳහන් ව ඇත්තේ, සැමියා සමග ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිග යාමෙන් තමා ගිනි තබා ගත් බවයි.
මෙම කාන්තාව පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ බාහිර පිළිස්සුම් තුවාල වලට විෂබීජ ආසාදනය වීම බව ඊයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.