විදුලි ඉංජිනේරුවන් තුන්වන දිනටත් අකුරට වැඩ
Saturday, 27 November 2021 - 10:05 | Views - 949
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 3වන දිනටත් ක්‍රියාත්මකයි.
එම සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.
ඒ හේතුවෙන් ඉදිරියේදී සිදු වන විදුලි බිඳ වැටීම් යථා තත්වයට පත් කළ නො හැකි වන තත්වයක් රට තුළ උද්ගත විය හැකි බව ඔහු කියා සිටියා.
යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කළා.
Share This Article