නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපයේ රටවලට සංචාරක තහනමක් පැනවීමට මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළා.
දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගැනුනු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපීය රටවල් හයක පසුගිය දින 14 තුළ රැඳී සිටි පුද්ගලයන්ට අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඇතුලු වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.
එමෙන්ම දැනටමත් එම රටවලින් පැමිණි පුද්ගලයන් සිටිත්නම් වහා නිරෝධායනයට ලක්වන ලෙසයි දැනුම් දී ඇත්තේ.
නව කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් මෙලෙස දකුණු අප්‍රිකානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සඳහා සංචාරක තහනමක් පැනවීමට නිර්දේශ කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.
ඒ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවක්ද ඔහු විසින් ගුවන් තොටුපල සෞඛ්‍ය බලධාරීන් ඇතුලු සියලුම සෞඛ්‍ය අංශ වෙත නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන නිසා මෙරට ගුවන් තොටුපල මෙහෙයුම් සඳහා එමඟින් බලපෑමක් සිදු නො වන බව කටුනායක ගුවන් තොටුපලේ මෙහෙයුම් භාර නිලධාරියෙකු සඳහන් කළා.
දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ ඉහළ පෙළේ නිලධාරින් සමග විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.
මේ අතර, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව මෙන් ඕස්ටේ්‍රලියාව ද දකුණු අප්‍රිකානු රටවල් සඳහා සංචාර තහනමක් ප්‍රකාශයට පත් කළා.
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින්ද ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුලු කලාපීය රටවල් හතකට එරෙහිව සංචාරක තහනමක් පැනවූ අතර, එම රටවල් සමඟ ගුවන් සබඳතාද අත්හිටවනු ලැබුවා.
මෙතෙක් සොයා ගැනුනු විකෘතිතා වැඩිම සංඛ්‍යාවක් සහිත කොරෝනා ප්‍රභේදය ලෙස සැළකෙන මෙම නව දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ඔමික්‍රොන්” ලෙස නම් කෙරුණේ ඊයේ දිනයේදියි.
ග්‍රීක හෝඩියේ 15 වන අක්ෂරය වන අතර, තාරකා විද්‍යාවේදී තරු මඩලේ 15 වන තාරකාවද නම් කර ඇත්තේ ඔමික්‍රොන් ලෙසින්.
දකුණු අප්‍රිකාවේ සොයා ගැනුනු නව කොරෝනා ප්‍රභේදය බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලය යන රටවලින්ද මේ වනවිට හමු වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුල්වරට මෙම වෛරසය පිළිබඳ වාර්තා කළේ පසුගිය 24 වනදායි.
වෛරසයක වෙනස්වීම් සහ විකෘතිතා ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත්, ඔමික්‍රොන් ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ලෙස විකෘතිතා විශාල සංඛ්‍යාවක් ඇතිවී තිබෙන්නේ එහි සම්ප්‍රේෂණ හැකියාව සහ එන්නත් ප්‍රතිශක්තිකරණය වළක්වාලීම ඉහළ නංවමින්.
බී - එක - එක - 529 ලෙස මුලින් නම් කෙරුණු මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම ප්‍රාන්තවලට පැතිරී ඇති බවට දැන් විශ්වාස කෙරෙනවා.
කෙසේ නමුත් එය සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලැබීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ප්‍රතිශක්තියට ක්‍රියාත්මක වීමේ හැකියාව අවම මට්ටමක පවතින බවට බි්‍රතාන්‍යය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදු කළා.
මෙරට වෛරස් විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන නිර්දේශ අනුව නව වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ.
මේ අතර පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ, නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ ප්‍රධානී මල්කාන්ති ගල්හේන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නව වෛරස් ප්‍රභේදවලින් ආරක්ෂාවීමට නම් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි.
මේ අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුනු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව බූස්ටර් හෙවත් වර්ධක එන්නතක් සංවර්ධනය කරන බව මොඩර්නා ඇමරිකානු ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනය කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධානය යොමු කළ යුතු කොරෝනා ප්‍රභේදයක් ලෙස හඳුන්වනු ලැබූ ඔමික්‍රොන් ප්‍රභේදයේ විකෘතිතා රැසක් පැවතීම විශේෂත්වයක්.
එම විකෘතිතා පිළිබඳ අවධානය යොමු කරමින් ඔමික්‍රොන් ප්‍රභේදයට මුහුණදීම සඳහා වර්ධක එන්නතක් නිෂ්පාදනය කිරීමේ ක්‍රමෝපාය දියත් කරන බවයි මොඩර්නා ප්‍රධාන විධායක නිලධාරී ස්ටොෆාන් බන්සෙල් සඳහන් කළේ.