දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව බූස්ටර් හෙවත් වර්ධක එන්නතක් සංවර්ධනය කරන බව මොඩර්නා ඇමරිකානු ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනය කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධානය යොමු කළ යුතු කොරෝනා ප්‍රභේදයක් ලෙස හඳුන්වනු ලැබූ ඔමික්‍රොන් ප්‍රභේදයේ විකෘතිතා රැසක් පැවතීම විශේෂත්වයක්.
එම විකෘතිතා පිළිබඳ අවධානය යොමු කරමින් ඔමික්‍රොන් ප්‍රභේදයට මුහුණ දීම සඳහා වර්ධක එන්නතක් නිෂ්පාදනය කිරීමේ ක්‍රමෝපාය දියත් කරන බවයි මොඩර්නා ප්‍රධාන විධායක නිලධාරී ස්ටොෆාන් බන්සෙල් සඳහන් කළේ.