දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු නව කොරෝනා ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ නම් කරනු ලැබුවා.
මෙතෙක් සොයා ගැනුණු විකෘතිතා වැඩි ම සංඛ්‍යාවක් සහිත කොරෝනා ප්‍රභේදය ලෙස සැළකෙන මෙම නව දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කෙරුණේ 'ඔමික්‍රොන්' ලෙසින්.
ග්‍රීක හෝඩියේ 15 වන අක්ෂරය වන අතර, තාරකා විද්‍යාවේදී තරු මඩලේ 15 වන තාරකාව ද නම් කර ඇත්තේ ඔමික්‍රොන් ලෙසින්.
එමෙන්ම නව කොරෝනා ප්‍රභේදය, ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන ලොව ප්‍රචලිත කොරෝනා ප්‍රභේද මෙන් අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක් ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ සොයා ගැනුනු නව කොරෝනා ප්‍රභේදය බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලය යන රටවලින්ද මේ වනවිට හමු වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුල්වරට මෙම වෛරසය පිළිබඳ වාර්තා කළේ පසුගිය 24 වනදායි.
වෛරසයක වෙනස්වීම් සහ විකෘතිතා ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත්, ඔමික්‍රොන් ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ලෙස විකෘතිතා විශාල සංඛ්‍යාවක් ඇති වී තිබෙන්නේ එහි සම්ප්‍රේෂණ හැකියාව සහ එන්නත් ප්‍රතිශක්තිකරණය වළක්වාලීම ඉහළ නංවමින්.
බී - එක - එක - 529 ලෙස මුලින් නම් කෙරුණු මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම ප්‍රාන්තවලට පැතිරී ඇති බවට දැන් විශ්වාස කෙරෙනවා.
කෙසේ නමුත් එය සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලැබීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ප්‍රතිශක්තියට ක්‍රියාත්මක වීමේ හැකියාව අවම මට්ටමක පවතින බවට බි්‍රතාන්‍යය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදු කළා.
එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යුහාත්මක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේම්ස් නයිස්මිත් කියා සිටියේ එය, අසුබ පුවතක් වුවද ලෝක විනාශය සේ නොසැළකිය යුතු බවයි.
මේ අතර කොරෝනා ආසාදිතයන් 714ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ 61,059ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම තවත් කොරෝනා මරණ 26 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ සමඟම මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,258ක් දක්වා ඉහළ යනවා.