කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබා මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ රැස් වූ කොරෝනා මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි.
කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාසයක් ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට ද මෙහිදී තීරණය කෙරුණා.
ඒ අනුව, පිළිකා, අවයව බද්ධ කළ, රුධිර කාන්දුකරණය සිදුකළ සහ බෝ නොවන රෝග හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය උපදෙස් මත තුන්වන මාත්‍රාව ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
කොවිඩ් ආසාදිතයින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කැප්සූලය ලබාදීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වූ අතර, එය මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.