60 ට වැඩි අයට ජංගම සේවා මඟින් බූස්ටර් එන්නත්
Friday, 26 November 2021 - 16:30 | Views - 1,070
කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබා මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අද පෙරවරුවේ රැස් වූ කොරෝනා මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි.

කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාසයක් ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට ද මෙහිදී තීරණය කෙරුණා.

ඒ අනුව, පිළිකා, අවයව බද්ධ කළ, රුධිර කාන්දුකරණය සිදුකළ සහ බෝ නොවන රෝග හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය උපදෙස් මත තුන්වන මාත්‍රාව ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

කොවිඩ් ආසාදිතයින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කැප්සූලය ලබාදීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වූ අතර, එය මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top