අද පස්වරුවේත් වැසි (Video)
Friday, 26 November 2021 - 13:57 | Views - 690
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.දිවයිනට නැගෙනහිර දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වය පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයින ආසන්නයේ ස්ථානගතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.ඒ අනුව ඉදිරි දිනවලදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර තත්වයක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Share This Article