ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටිය ද එම පක්ෂයේ දේශපාලනය කිරීමේ අයිතිය කිසිවෙකුට නතර කළ නොහැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
මිහින්තලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ තමාගේ නම සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශය මුල් කරගෙන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, අද පාර්ලිමේන්තුව ආරම්භයේදී අදහස් දක්වා සිටියා.
ඊට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද එක්වුණා.