විකෘති ප්‍රභේද දහයක් මුසු වුණු නව ප්‍රභේදයක් (Video)
Friday, 26 November 2021 - 11:18 | Views - 1,214
'ඩෙල්ටා' විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු, බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

B.1.1529 යනුවෙන් නම් කළ මෙම 'කොවිඩ් 19' විකෘතිය මේ වනවිට දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානා රාජ්‍යයේ පැතිර යන බව වාර්තා වේ. 
 
දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, එන්නත්වලින් පවා මට්ටු කළ නොහැකි මෙම විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන බවයි. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව විකෘතිය සම්බන්ධයෙන් ඊයේ රැස් වී විශේෂ හමුවක් පැවැත් වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 
 
මෙම නව විකෘතිය හඳුනා ගැනීම සහ ඒහි සුලමුල සොයා ගැනීමට සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ 'යූ.සී.එල්. ජෙනටික්ස්' නමැති ජාන පර්යේෂණ ආයතනයයි. 
 
ඒඩ්ස් ආසාදිතයකුට 'කොවිඩ් 19' ආසාදනය වී, එම තැනැත්තාගේ සිරුරේ 'කොවිඩ් 19' වයිරසය විකෘතිකරණයට ලක්වීමෙන් පසු B.1.1529 නිර්මාණය වී ඇතැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්' ආයතනයේ වයිරස විශේෂඥයෝ පෙන්වා දෙති. 
 
ඒඩ්ස් රෝගයට හේතු වන්නේ එච්.අයි.වී. වයිරසයයි. එච්.අයි.වී. ආසාදනය වූ පසු සිදු වන්නේ, ප්‍රතිශක්තිය විනාශ කර දැමීමය. ඒ අනුව, ඒඩ්ස් රෝගියකුට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් පවා මාරක වන අවස්ථා ඇත. 'ඒඩ්ස් ආසාදිතයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් එය ඉතාමත් බරපතල තත්ත්වයක්. එච්.අයි.වී. වයිරසය හේතුවෙන් එම තැනැත්තාගේ ප්‍රතිශක්තිය මුළුමනින්ම අඩපණ වීම ඊට හේතුවයි. B.1.1529 විකෘතිය නිර්මාණය වී ඇත්තේ, ඒඩ්ස් ආසාදිතයාගේ සිරුර හැකි උපරිමයෙන් කොවිඩ් 19 වයිරසය නැසීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒඩ්ස් රෝගියාගේ සිරුර තුළ දී කොවිඩ් 19 වයිරසය පරාජය බාර ගෙන නැහැ. එය තව තවත් විකෘති වෙමින් ස්වරූපය වෙනස් කරගෙන B.1.1529 නිර්මාණය කර තිබෙනවා. මෙය සැබැවින්ම බිහිසුණු විකෘති ප්‍රභේදයක්' යැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්'ප්‍රධානී ෆ්‍රන්සුවා බැලොක්ස් පෙන්වා දී තිබේ. 
 
තවමත් මෙම විකෘතිය අප්‍රිකා කලාපයේ දකුණු අප්‍රිකාවට සහ බොට්ස්වානාවට පමණක් සීමා වී ඇති අතර, මෙම විකෘතිය ආසාදිත රෝගීන් හමුවී ඇත්තේ විසි දෙදෙනකු පමණි. (රොයිටර්) 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top