මුකේෂ් අම්බානි අභිබවා ගිය ආසියාවේ ධනවත්ම පුද්ගලයා
Friday, 26 November 2021 - 10:44 | Views - 427
ඉන්දියාවේ මෙන්ම ආසියාකරයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානි අභිබවා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍යය සඳහන් කරන පරිදි ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස වර්ධනය වීම විශේෂත්වයක්. එතැන් සිට ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානිගේ වත්කම් සියයට 1808කින් එනම්, ඩොලර් බිලියන 83.89කින් ඉහළ ගොස් ඇති බව සඳහන්. 
 
මුකේෂ් අම්බානිගේ වත්කම්ද එම කාලය තුළ සියයට 250කින් ඉහළ ගිය ද සෞදි ඇරැම්කෝ ඛනිජ තෙල් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අත්හැරීමත් සමඟ රිලායන්ස් සමූහයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණා. 
 
එහිදී අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ හුවමාරු වූ අතර, අදානි පෝට්ස් කොටස් මිලද සියයට පහකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරනු ලබන්නේද අදානි පෝට්ස් සමාගම විසින්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top