ප්‍රබලම කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වෙයි
Friday, 26 November 2021 - 7:50 | Views - 1,768
මෙතෙක් සොයා ගැනුණු ප්‍රබලතම කොරෝනා වෛරස් ප්‍රභේදය ලෙස සැලකිය හැකි නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.

එහි එක් ප්‍රාන්තයකින් වාර්තා වුව ද මෙම ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවටයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.  

බී - එක -  එක - පන්සිය විසි නවය ලෙස හඳුන්වන මෙම නව කොරෝනා ප්‍රභේදය මෙතෙක් සොයා ගැනුණු වැඩි ම පරිණාමයට ලක් වූ කොරෝනා ප්‍රභේදයයි.

එය, ඇල්ෆා, ඩෙල්ටා ආකාරයට ග්‍රීක හෝඩියේ අකුරකින් නම් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු වසංගත රෝග ප්‍රතිචාර අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටුලියෝ ඩි ඔලිවේරා සඳහන් කළේ, මෙම නව කොරෝනා ප්‍රභේදයේ විකෘතිතා 50කට අධික සංඛ්‍යාවක් පවතින බවයි.

ඉන් 30 ක් එන්නත්කරණය මගින් කොරෝනා ආසාදනය අවහිර කරන වෛරසයේ ප්‍රෝටීන් කොටස ඉලක්ක කරගත් ඒවායි.

මේ නිසා නව ප්‍රභේදය අනෙකුත් කොරෝනා ප්‍රභේදවලට වඩා එන්නත්වලින් ලබන ප්‍රතිශක්තිය මඟ හරිමින් වැඩි වශයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සඳහන්. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top