ගෑස් ටැංකි පිපිරීමට හේතුව හෙළිදරව් වෙයි
Thursday, 25 November 2021 - 13:09 | Views - 4,110
තැන තැන ගෑස් ටැංකි පුපුරා යාමට හේතුව ගෑස් සංයුතිය වෙනස් වීමයි රජයේ රස පරීක්ෂක වාර්තාවක් තහවුරු කරයි.  

පසුගියදා කොළඹ, වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදු වූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දු බවට තහවුරු වන බව රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පෙන්වා දෙනවා.

පිළිගත හැකි පැහැදිලි හේතුවක් නොපෙන්වා මෙරට ගෘහස්ථ භාවිතය සඳහා ගන්නා එල් පී ගෑස් සංයුතිය වෙනස් කිරීමට පළමුව ලිට්රෝ සමාගම තීරණය කළේ එහි සිලින්ඩරයේ ගෑස් පරිමාණය අඩු කර එයට නව වෙළඳ නාමයක් ද එක් කරමින්.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් විසින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් ද තොරව සිලින්ඩරයක ගෑස් සංයුතිය බුටේන් සහ ප්‍රොපේන් 50:50 ලෙස වෙනස් කළා.

ඒ එතෙක් පැවති අඩුවෙන් ගිනි ගන්නා බුටේන් 80 සහ වැඩියෙන් ගිනිගන්නා ප්‍රොපේන් 20 පිළිවෙළ වෙනස් කරමින්.

මෙම පියවර සාධාරණීකරණය කිරීමට ලිට්ට්‍රෝ සමාගමේ එවක පාලනාධිකාරිය කියා සිටියේ මෙම ගෑස් සංයුති වෙනස හරහා වඩාත් අධික තාපයක් නිකුත් කිරීම හේතුවෙන් අඩු ගෑස්  පරිභෝජනය කින් එදිනෙදා කටයුතු සිදුකර ගත යුතු හැකි බවයි.

කෙසේ වෙතත් මෙසේ සිදු කෙරුණු ගෑස් සංයුති වෙනස හරහා බරපතල අනතුරු දායක තත්වයක් නිර්මාණය විය හැකි බවට දිගින් දිගටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පාරිභෝගිකයින්ගෙන් පැමිනිලි සහ චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සාධනීය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රමිති ආයතනයට ද චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ සහ සමාජය ඔස්සේ දිගින් දිගටම මතුවූ විරෝධයන් හමුවේ අදාළ ගෑස් සමාගම් දෙකටම සිදුවූයේ ඔවුන්ගේ නව හඳුන්වාදීම හකුලා ගැනීමටයි.

නමුත් ඔවුන් සිය ගෑස් සංයුතිය තුළ සිදුකළ වෙනස යථාවත් කළේ ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු රසායනාගාර පරීක්ෂණයක් සිදු වී නොමැති වීමත් පුදුමයට කරුණක්.

මේ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට LP ගෑස් සඳහා සම්මත සංයුතියක් හඳුන්වාදීම සඳහා රෙගුලාසි ගෙන එන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආචාර්‍ය සිද්ධිකා සේනාරත්න කළ ඉල්ලීම ද මෙම සමාගම් වල ප්‍රමාණවත් සැලකිල්ලක්ට යොමු වූයේ නැහැ.  

මේ අතර පසුගිය කාල සීමාව තුලදී දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර කපාට කාන්දු වන බවට තොරතුරු වාර්තා වුනා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු කියා සිටියේ මෙම සියලු පිපිරීම් ගෑස් සංයුතිය වෙනස් වීම නිසා සිදුවූවන් බවට තමාට දැඩි විශ්වාසයක් ඇති බවයි. “මෙවැනි අන්තරායන් පිළිබඳව අපි මේ වසරේ ජුනි මාසයේදී පුරෝකථනය කළේ, ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් අපේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි ඒ නිසා  LP ගෑස් සංයුතියේ
අඩු ප්‍රොපේන් ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්තගෙන් බියුටේන් සහ ප්‍රොපේන් එල්පී ගෑස් සංයුතිය 80:20 අනුපාතයේ සිට 50:50 අනුපාතයට වෙනස් කළේ මන්දැයි කළ විමසීමේදී ඔහුට ඒ සඳහා පැහැදිලි පිළිතුරක් නොතිබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ගෑස් සමාගම් අධික ලාභ ඉපයීම සඳහා සංයුතිය වෙනස් කිරීමෙන් පුරවැසියාගේ ජීවිත අවදානමට ලක් කර ඇති බවත් ඒ අනුව පාරිභෝගික ආරක්ෂක ආඥා පනතේ 72 වගන්තිය යටතේ ඒ  සඳහා නියමිත පියවර ගැනීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද අපොහොසත් වී ඇති බව බවයි ඔහු චෝදනා කළේ. 
 
 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,914 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,594 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,331 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,184 Views
Top