මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි
Thursday, 25 November 2021 - 13:06 | Views - 1,148
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාර දී තිබෙනවා.
පසුගිය දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා තමන් මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ඒ අනුව ලබන 29 වන දා ඔහු ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
පුරප්පාඩු වන මන්ත්රී ධුරය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් ලැයිස්තුවේ මීළඟට සිටින්නේ මදුරාවල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති මංජු ලලිත් වර්ණකුමාරයි.
ඔහු පසුගිය මහ මැතිවරණයේදී මනාප 46,642ක් ලබා ගත්තා.
Share This Article