පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට පාර්ලිමේන්තු පනතකින් නීතිය ක්‍රියාත්මක කළ හැකියි - ජනපති
Thursday, 25 November 2021 - 10:23 | Views - 498
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනයට, පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවෙන් හෙළිකර ඇති වැරදිකරුවන්ට පාර්ලිමේන්තු පනතකින් නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ, මෙම කොමිසම් සභාව මඟින් හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව, ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර ඇති බවයි.

අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙරට ප්‍රථම ගුවන් පාලම වන නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ, එම නිර්දේශ පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම පාලම නම් කර ඇත්තේ, කල්‍යාණි රන් පිවිසුම ලෙසයි.

2014 වසරේ දී එහි මූලික වැඩ කටයුතු ආරම්භ වූයේ ජපන් අන්තර් ජාතික සහයෝගීතා ආයතනයේ මූල්‍ය දායකත්වය මතයි.

මීටර් 380ක් දිග මෙම නව කැලණි පාලම ඉදිකර ඇත්තේ, අධි තාක්ෂණික රැහැන් යොදා ගනිමින්. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top