කින්නියා නගරයේ අද ශෝක දිනයක්
Thursday, 25 November 2021 - 9:19 | Views - 13,640
ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ශෝකය පළ කිරීම සඳහා අද කින්නියා නගරයේ වෙළෙදසල් වසා දැමීමට සිවිල් සංවිධාන තීරණය කර තිබෙනවා.

එමෙන්ම කින්නියා නගරයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු නො කරන ලෙස ද ඉල්ලීමක් කර ඇති බවයි කින්නියා හිරු වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරේදා පෙරළී යාමෙන් සිදු වූ මෙම  අනතුරෙන් ළමයින් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇතුළු 03 දෙනා ලබන මස 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාලම්පාරුව අනතුරට ලක් වීමෙන් පසු එහි අයිතිකරු සහ පැදිකරු පළා ගොස් තිබුණා.

පසුව ඔවුන් ඊයේ ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඊට අමතරව, පාලම් පාරුවේ ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කළ පුද්ගලයා ද කින්නියා පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර මෙම අනතුර සිදු වූ ස්ථානයේ අද සිට නාවික හමුදාව විසින් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට නියමිතයි.

නාවික හමුදාව සඳහන් කළේ මගීන් 20 දෙනෙකු පමණ රැගෙන යා හැකි බෝට්ටුවක් මේ සඳහා යොදවන බවයි. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top