“ කල්‍යාණි රන් පිවිසුම” - මෙරට ප්‍රථම කේබල් පාලම හෙට විවෘත වෙයි
Tuesday, 23 November 2021 - 16:28 | Views - 1,671
කල්යානි රන් පිවිසුම නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම හෙට පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380 ක්.මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති බවයි.පළමු පැකේජය වන වානේ නිමවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539 ක් වැයකර ඇති අතර, දෙවන පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 9,896 ක්.මෙම පාලම ඉදිකිරීම සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ජයිකා හෙවත් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයයි.
Share This Article