නැගෙනහිර, උතුර-මැද සහ ඌව පළාත් වල සහ මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව එම නිවේදනයෙන් සඳහන් වනවා.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුර-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දන්වා සිටිනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බව දන්වා තිබෙනවා.