පාර්ලිමේන්තු මන්ත්රී එම්. එස් තවුෆික්ගේ නිවසට ප්රහාරයක් (Photos)
Tuesday, 23 November 2021 - 15:02 | Views - 675
ත්රිකුණාමල දිස්ත්රික් මුස්ලිම් කොංග්රස් පාර්ලිමේන්තු මන්ත්රී, එම්. එස් තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට යම්කිසි පිරිසක් විසින් පහර දී දැඩි අලාබ හානි සිදු කර ඇති බව වාර්තා වෙනවා.ප්රහාරයෙන් ඔහුගේ නිවසට දැඩි අලාබ හානි සිදු ව ඇති අතර, මෙම සිද්ධියට හේතු වී ඇත්තේ, අද උදෑසන කින්නියා හි සිදු වූ පාලම් පාරු අනතුර පිළිබඳ ජනතාව කුපිත වීමෙන් බවයි වාර්තා වෙන්නේ.අද උදෑසන සිදු වූ මෙම ඛේදවාචකයෙන් කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මිය ගියා.ඊට අමතර ව, අනතුර හේතුවෙන් තවත් 19 දෙනෙකු රෝහල්ගත ව ප්රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ.ශ්රී ලංකා නාවික හමුදාව හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, කලපුවේ අනතුර සිදු වූ ස්ථානය අවට කිමිදුම්කරුවන් යොදවා අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමක් දියත් කළා.
Share This Article