පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස් තවුෆික්ගේ නිවසට ප්‍රහාරයක් (Photos)
Tuesday, 23 November 2021 - 15:02 | Views - 676
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්. එස් තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට යම්කිසි පිරිසක් විසින් පහර දී දැඩි අලාබ හානි සිදු කර ඇති බව වාර්තා වෙනවා.

ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට දැඩි අලාබ හානි සිදු ව ඇති අතර, මෙම සිද්ධියට හේතු වී ඇත්තේ, අද උදෑසන කින්නියා හි සිදු වූ පාලම් පාරු අනතුර පිළිබඳ ජනතාව කුපිත වීමෙන් බවයි වාර්තා වෙන්නේ.

අද උදෑසන සිදු වූ මෙම ඛේදවාචකයෙන් කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මිය ගියා.

ඊට අමතර ව, අනතුර හේතුවෙන් තවත් 19 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන අතර,  ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, කලපුවේ අනතුර සිදු වූ ස්ථානය අවට කිමිදුම්කරුවන් යොදවා අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමක් දියත් කළා. 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top