ලිංගික සංසේචනයකින් තොරව වර්ගයා බෝකිරීමට හැකි සත්ව විශේෂය (Video)
Tuesday, 23 November 2021 - 14:44 | Views - 1,074
උග්‍ර වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් වන කොමඩෝ ඩ්‍රැගන් සත්ත්වයින්ට ලිංගික සංසේචනයකින් තොරව වර්ගයා බෝකිරීමට හැකි බවට නවතම පර්යේෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ කොමෝඩෝ දූපත් නිජබිම කරගත් මෙම සත්ත්වයා සැලකෙන්නේ ලොව විශාලතම කටුසු විශේෂය ලෙසයි.

ඩ්‍රැගන් යන නාමයෙන් හඳුන්වන මෙම සත්ත්වයා අතිශය භයානකවන්නේ, මෙම සත්වයාගේ මුඛයේ පවතින විෂ ශ්‍රාවයන් හේතුවෙන්.

මෙම විෂ මිනිස් ශරීරයට ඇතුළු වුවහොත් පැය දෙකක් වැනි කෙටි කාලයකදී ශරීරය අඩ පණ වී ජීවිතක්ෂයට පත්වනවා.

දැනට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම සත්ත්වයින් ලොව පුරා වෙසෙන්නේ 500ක් වැනි ප්‍රමාණයක්.

මෙම කොමඩෝ ඩ්‍රැගන් සත්ත්වයා වඳවීමේ  තර්ජනයට ලක්ව සිටින බැවින් රතු දත්ත වාර්තා පොතට ඇතුළත් කර තිබෙනවා. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top